තුරු පතින් සීරුවෙන් පෙරී
ගලන මුදු සද කිරණෙන්
නිවේවා දැවී ඇවිලෙන මනු සතුන්..
දහසකුත් පැතුමෙන් හද සැදී
දැල්වෙනා පහන් සිලෙන්
දිලේවා ලොව හැම දිවි දනන්..
දහස් ලෝ දන හදෙහි පිරී
සියක් දුක් දොම් රෝ බියෙන්
මිදේවා බල තෙරුවණ් ගුණෙන්..
ලොවක් සනහන අනුහසින් හෙබී
අමා මෑණී බුදු බෙලෙන්
රැකේවා තුන් ලෝ හැම සතුන්..